දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

Report

දකුණු කොරියාවේ වෘත්තීය පුහුණු සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර නව අවබෝධතා ගිවිසුමකට හෙට (02) අත්සන් තැබීමට නියමිතව තිබේ.

කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ ගිවිසුම් අත්සන් කිරීම දකුණු කොරියාවේදී සිදුකෙරෙන බවයි.

කම්කරු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය, කොරියානු ජනරජයේ ග්යොංසංනම්-ඩෝ පළාත, සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ චැංෂින් විශ්වවිද්‍යාලය අතර මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

ඒ සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පසුගිය 30 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

ඔහු සමඟ කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස සහ වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් මහතා ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිති.

අද සිට 18ට වැඩි අයට මේ දේවල් කරන්න TIN අංකය අනිවාර්යයි - බදු ගෙවිය යුතු අය ගැනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

අද සිට 18ට වැඩි අයට මේ දේවල් කරන්න TIN අංකය අනිවාර්යයි - බදු ගෙවිය යුතු අය ගැනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

මෙම ගිවිසුම් ක්‍රියාත්මක වීමත් සමඟ කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මගින් තෝරාගනු ලබන ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ චැංෂින් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවනු ඇත.

එමෙන්ම අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු එම සිසුන්ට ග්යොංසංනම්-ඩෝ පළාතේ කර්මාන්ත ආයතනවල රැකියා අවස්ථා ලබාදීමටද අපේක්ෂා කෙරේ.

ඊට අමතරව එම පළාතේ දීර්ඝකාලීනව පදිංචිවීමේ අවස්ථාවද ලබාදීම මෙම වැඩසටහනේ අරමුණක් වී තිබේ. මෙම වෘත්තීය පුහුණු සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා අදාළ ගිවිසුම්වලට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න