‘ස්පා’ නමින් සම්බාහන පවත්වාගෙන යමින් අකටයුතුකම් කරන ආයතනවලට වැඩ වරදී ඇමති වසන්තගෙන් හෙළිදරව්වක්
‘ස්පා’ නමින් සම්බාහන පවත්වාගෙන ඒ තුළ අකටයුතුකම් සිදුවන්නේ නම් වහා ම එම ආයතන අවලංගු කරන ලෙසට අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ඇමති වසන්ත සමරසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වූ අවස්ථාවේදී ස්පා සම්බන්ධ ගැටලු මතුව තිබුණි.
විශේෂයෙන්ම අනුරාධපුර, මැදවච්චිය, හබරණ යන ප්‍රදේශවල පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන වල සිදුකරන අකටයුතුකම් පිළිබඳව නිලධාරීන් විසින් ඇමතිවරයා දැනුවත් කරන ලදී.
උදාහරණයක් ලෙස මැදවච්චිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඒ තුළ ගණිකා ජාවාරමක් සිදු කරමින් සිටින බව මෙම දිස්ත්‍රික් කමිටුවේදී නිලධාරීන් විසින් විවිධ තොරතුරු ඉදිරිපත් කරන ලදී.
එහිදී අනාවරණය වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොමැති සම්භාහන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙන බවයි.
ඒවා නියාමනය කිරීමට වහාම පියවර ගත යුතු බවද අමාත්‍යවරයා නිලධාරීන් හමුවේ දැනුම් දී ඇත තව ද සමාගම් ලියාපදිංචිය යටතේ සම්භාහන මධ්‍යස්ථාන දහයක් ඇති බවට හඳුනාගෙන ඇති බව ද එහිදී හෙළිදරව් විය
අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ විශේෂයෙන්ම පොලිසිය, ප්‍රාදේශීය සභාව ඇතුළු අදාළ ආයතන කැඳවා ඊට අදාළ රෙගුලාසි පිළිබඳව මුලින්ම දැනුවත් කළ යුතු බවයි.
සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කළ පසු අයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිය අනුමැතිය ලබා දෙන අතර වසරෙන් වසර එය යාවත්කාලීනවන බව පොලිස් නිලධාරින් මෙහිදී සදහන් කර ඇත.