පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රශ්න ගොඩක් ගැමුණු හෙළිකරයි

Report

මේ වනවිට ලංගම ඩිපෝ මගින් මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කර තිබේ.

 ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම සිදුකරන්නේ නම් දිනකට ධාවනය කළ හැකි බස් රථ ප්‍රමාණය 50%කට සීමා වනු ඇති බව එතුමා සදහන් කර ඇත

ඒ වගේම ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ මෙරට පෞද්ගලික බස් රථ 13,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ධාවනය කළ හැක්කේ බස් රථ 6,500ක සීමාවක් පමණක් වන බවයි .

බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි නියෝජ්‍ය ඇමති චතුරංගගෙන් ඉල්ලීමක්

බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි නියෝජ්‍ය ඇමති චතුරංගගෙන් ඉල්ලීමක්

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

"මේක බරපතළ ගැටළුවක් වෙනවා. මේ තියෙන ඩිපෝ ප්‍රමාණය මදි අපේ තියන බස්රථවලට ඉන්ධන ලබා ගැනීම සඳහා. මොකද දිගු පෝලිම් ඇතිවෙනවා. ඒ වගේම රාත්‍රි කාලයේදී ඒගොල්ලෝ ඩීසල් ලබා දෙන්නේ නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. මොකද අපි ධාවනය කරලා තමයි ඉන්ධන ලබා ගන්න එන්නේ. ඉතිං ඕවගේ ගැටලු ගණනාවක් එනවා අපි ඩිපොවලින් ඉන්ධන ලබා ගැනීමේදී. ඒගොල්ලෝ 5ට ඩිපෝ වහනවා. එතකොට අපිට අනිත් දවසේ දුවන්නේ නැතිව පාරේ තමයි ඉන්න වෙන්නේ. එහෙම වුණොත් 50%යි බස් ධාවනය කරන්න වෙන්නේ ලංකාව පුරාම.

මම සති දෙකකට කලින් කිව්වා QR ක්‍රමවේදය ගේන්න පෙර සූදානමක් විදිහට කටයුතු කරන්න කියලා. අපි දන්නවා ලෝක අර්බුදයක් එක්ක තියෙන ගැටලුව. නමුත් පෞද්ගලික සහ ලංගම බස් රථවල තමයි දුප්පත් මිනිහාට යන්න වෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහන සේවාවට ප්‍රමුඛත්වය ලබා දෙන්න එහෙම නැත්නම් බරපතළ ගැටලුවකට ආණ්ඩුව පත්වෙනවා. ලංකාවේ බස් රථ 13,000ක් තියෙනවා එතැනින් 6,500ක් තමයි දුවන්න වෙන්නේ."   

අද ඩොලරයේ මිල ගණන් මෙන්න

අද ඩොලරයේ මිල ගණන් මෙන්න