මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

Report

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන ආකාරයට රජයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීම සඳහා වන අධි චෝදනා පත්‍ර සකස් කරමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

අලි මදිවට කොටි කිව්වලු ඔන්න ලොකු සුළි කුණාටුවක් එනවලු ගුවන් ගමනුත් අත්හිටුවයි

අලි මදිවට කොටි කිව්වලු ඔන්න ලොකු සුළි කුණාටුවක් එනවලු ගුවන් ගමනුත් අත්හිටුවයි

2015 වසරේදී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අරමුදල් අවභාවිතය චෝදනාවට අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන අටක (රු. 8,000,000) මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට සුදානම්ව ඇත.

එම අරමුදල් අවභාවිතා කාලසීමාව තුළ එම ටෙන්ඩරය පිරිනමන ලද ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා කටයුතු කර ඇති අතර අදාළ ගෙවීම් සිදු කර ඇති ආකාරය සහ තැන්පත් කර තිබූ ඇපකර බැඳුම්කරය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම ටෙන්ඩරය පිළිබඳ විමර්ශන කර ඇත.