ජනතාව අපේ වේගෙ මදි කිව්වා දැන් අපි වේගෙ වැඩි කරනවා -ඇමති හර්ෂණ

Sri Lanka Politician Harshana Nanayakkara Sinhala news Local government election Sri Lanka 2025
By Mithu May 10, 2025 04:23 PM GMT
Mithu

Mithu

Report

මෙවර පැවැත්වූ මැතිවරණයෙන් ජනතාව ලබාදුන්නේ ආණ්ඩුවේ වේගය මදි කියන පණිවුඩය බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, "ආර්ථිකය මේ වන විට රට තුළ ස්ථාවර මට්ටමකට අපි පත්කර තිබෙනවා. නැවතවතාවක් රට අස්ථාවර වීමට ඉඩ නොතබන ආකාරයෙන්ම ස්ථාවර කිරීමට අපට හැකිවෙලා තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ සටන් විරාමයකට

ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ සටන් විරාමයකට

ඒ නිසා තමයි තහනම් කර තිබූ වාහන ආනයනයට නැවතආනයනය කිරීමට අවස්ථාව දුන්නේ. පදනමක් නැති දත්ත රැසක් ඉදිරිපත් කරමින් විපක්ෂය ආණ්ඩුව විවේචනය කරනවා. අපට වැරදුණු තැන් තිබේ නම් ඒවා නිවැරැදි කර ගැනීමට අපි කටයුතු කරනවා. පළාත් පාලන ආයතන 267 ක් අපි ජයගෙන තිබෙනවා.

ඉතිහාසයේ විශාලම ජය ගත්තේ අපි. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැහැ. ප්‍රචණ්ඩත්වය කියන වචනයවත් ඇහෙන්නේ නැහැ. ඉතාම සාමකාමී මැතිවරණ පැවැත්වීමට අපිට හැකිවෙලා තිබෙනවා. කියපු දේ ඉටු කළ පක්ෂයක් නිසා ජනතාව අපට ජයග්‍රහණය දුන්නා. ඒ ජයග්‍රහණය දෙන ගමන් අපට පණිවුඩයකුත් දුන්නා.

ඒ පණිවුඩය තමයි ආණ්ඩුව ස්ලෝ වැඩියි. මීට වඩා ඉක්මනට වැඩ කරන්න ඕන කියන පණිවුඩය ජනතාව අපට දුන්නා. අපි ඒ බව තේරුම් ගත්තා. අපි දැන් ඒ අනුව වැඩ කරනවා." ඉතින් ඔහු ඒ ආකාරයෙන් තමයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

ReeCha