වත්මන් ආණ්ඩුවේ අරමුණ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 07ක් දක්වා ඉහළ නංවා ගැනීම බව ඇමති සමන්ත කියයි
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරන්නේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 07ක් දක්වා ඉහළ නංවා ගැනීම වත්මන් ආණ්ඩුවේ අරමුණ වන බවයි .
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හතර වන දිනය වූ ඊයේ දිනයේ එම විවාදයට එක්වෙමිනනි.
ස්වාමිනි,ඔහුට පැය හතරකට වරක් කෑම අත්‍යවශ්‍යයි ප්‍රෝටින් පවුඩර් සමග නැත්නම් කෝමා වෙනවා - ප්‍රසන්නට ඇප ගන්න කියපු දේ මෙන්න
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්
'' ජනාධිපතිතුමා කිව්වා කෘතිම බුද්ධිය කර්මාන්ත වලට ව්‍යාපාර වලට යොදව ගන්න ඕනෙ කියල . එහෙම යොදවද්දී කර්මාන්ත ව්‍යාපාර ඉස්සරහට යනවා. ඒවගේම සන්නිවේදනය පුළුල් කරනවා . මාර්ග පද්ධතිය සකස් කරනවා. මේ විදිහට කළාම තමයි අපේ රටේ ආර්ථිකය පුළුල් වෙන්නේ. අළුත් රැකියා අවස්තා ලැබෙනවා. ඒ නිසා දෙවනි වසරේ පූර්ණ අයවැය ලේඛණය ගැන බලාපොරොත්තුවක් තියනවා. ආර්ථික සංවර්ධන වේගය 5% ක් පන්න ගන්න ඕනෙ කියලා බලාපොරොත්තුවක් තියනවා. ජනාධිපතිතුමා කිව්වා 7% දක්වා වැඩි කරන්න කටයුතු කරනව කියලා. එයාලට බැරි වෙච්චි දේවල් කරද්දී දේශපාලන කුහකකන් ටිකක් එනවා. ඔයාල කර ගත්තේ ඔයාලට ඒත් අනුර කුමාර ජනාධිපතිතුමා මේ හැම දේම කරන්නේ ජනතාවට ''