රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

Report

වත්මන් රජයේ ගමන ශ්‍රී ලංකාවේ පෙර පැවති රජයන්ට වඩා යහපත් බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය,

"ජාතික ජන බලවේග රජය දූෂිතයින්ට සහ වංචාකරුවන්ට ඉඩක් ලබා දී නොමැති බව අපි පිළිගත යුතුයි. නමුත් දූෂණ ජාලය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ද සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත්, මෙම රජය ගන්නා උත්සාහයන්ට අපි ගරු කරන අතර සාදරයෙන් පිළිගනිමු.

සරත් ෆොන්සේකා විපක්ෂයට එකතු වෙලා මාලිමාවට විරුද්ධව රැළියට යනවද ?

සරත් ෆොන්සේකා විපක්ෂයට එකතු වෙලා මාලිමාවට විරුද්ධව රැළියට යනවද ?

රනිල් වික්‍රමසිංහ මහතා මාව දේශපාලනයට ගෙනාවා. ඔහු සිරගත කරන විට මම කනස්සල්ලට පත්ව සිටියෙමි. කෙසේ වෙතත්, මෙම රජය මේ හරහා හොඳ ආදර්ශයක් ලබා දී ඇත. මේ හරහා ලබා දෙන පණිවිඩය නම් රටේ සෑම කෙනෙකුම එකම හැන්දකින් බෙදා ගන්නා බවයි. අපි මෙයට ගරු කළ යුතුයි," ඔහු පැවසීය.