රාජ්‍ය ලාංඡනය විකෘති කිරීම ගැන අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්
By Mithu
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය පසුගිය මාස දෙකක කාලය තුළ අවස්ථා දෙකකදී හැකර් ප්‍රහාරයට ලක්ව ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය විකෘති කර තිබීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. එම රාජ්‍ය ලාංඡනය විකෘති කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට විමර්ශනයක් සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය දින කිහිපයකදී මෙම වෙබ් අඩවිය අක්‍රීය තත්ත්වයක පැවති නමුත්, අවශ්‍ය තාක්ෂණික පියවර ගෙන මේ වනවිට එය නැවත යථා තත්ත්වයට පත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.