අද සිට ඔබට ලැබෙන කිරිපිටි සහන මිල මෙන්න

Report

ආනයනික කිරිපිටි කිලෝවක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 125කින් අඩු කර තිබේ.

වෙළද, වාණිජ, ආහාර සුරක්‍ෂිතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කිරිපිටි ආනයනයකරුවන් අතර ඉකුත් බදාදා පැවති සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කෙරුණේ ලෝක වෙළදපොලේ මිල ගණන් පහළයාම සැලකිල්ලට ගෙන වේ.

ඒ අනුව අමාත්‍යවරයා සදහන් කළේ නව මිල ගණන් ලබන මාර්තු මාසය දක්වා නොවෙනස්ව පවතින බවයි .

තව දුරටත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සදහන් කළේ මෙවන් අදහසක්

''වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මාසයේ සිකුරාදා සිට රු.125 කින් කිරිපිට 1 kg ක මිල අඩු කරන්න ඔවුන් එකගතාවය පළකලා.ඉදිරියට තව දුරටත් කිරිපිටි මිල අඩු වීමේ ප්‍රවණතාවයක් තමයි අඛණ්ඩව පවතින්නේ. ඒ අඩුවීමත් එක්ක ඔවුන් ගිවිසුම් ගත වුණහම කිරිපිටි, මාර්තු අප්‍රේල් මැයි ජූනි දක්වා ලංකාවට එනවා . මෙහි වාසියත් පාරිභෝගිකයා ලබා දීම වෙනුවෙන් ඔවුන්ගේ එකගතාවය අපි ලබා ගන්නවා, නැවත මේ පිළිබද සාකච්ජා කරන්න ඔවුන් එකග වුණා. ඒ වගේම මේ සාකච්ජාව අපි අවසන් කරන්නේ අප්‍රේල් මාසයේත් මිල අඩු කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. ඒ වගේම 400 g කිරි පැකට් එකක් රු .50 ක් අඩුවෙලා තියනවා .  ''

සියලු ගොවි මහතුන්ට දැනුම්දීමක්

සියලු ගොවි මහතුන්ට දැනුම්දීමක්

දිට්වා සුළි කුණාටුවෙන් වනාන්තර වලට වෙලා තියන හානිය මෙන්න

දිට්වා සුළි කුණාටුවෙන් වනාන්තර වලට වෙලා තියන හානිය මෙන්න