ශ්‍රී ලංකාවේ පාසල්වලට විශාල අරමුදලක් - හේතුව මේකයි

Report

ලෝක ප්‍රකට සුපිරි විලාසිතා සන්නාමයක් බිහිකළ නිර්මාණකරු වන මයිකල් කෝර්ස්ගෙන් මෙරට පාසල්වල ආහාර වැඩසටහන පුළුල් කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 2.7 ක අරමුදල් සැපයීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ ආහාර සැපයුමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට (WFP) ඇමරිකානු ඩොලර් මිලියන 2.7 ක දායකත්වයක් තමා ලබා දී තිබෙන බවයි. එසේම මෙම සහාය ලැබෙන්නේ මයිකල් කෝර්ස් සන්නාමයේ දිගු කාලීන 'Watch Hunger Stop' මෙහෙයුම ඔස්සේයි.

එමෙන්ම ලෝක ආහාර වැඩසටහන දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව, ‘Watch Hunger Stop’ වැඩසටහන තම අවධානය යොමු කළ පළමු රට වශයෙන් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

තවද ඔහු ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතියෙන් ඉදිරි වසර තුන පුරා, දරුවන් 250,000 කට දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබීම සහතික කරන බවයි. එසේම මෙම මුදල මගින් දේශීය ගොවීන් සහ ආහාර සපයන්නන් 1,500 කට නැවුම් සහ දේශීයව සපයාගත් ආහාර නිෂ්පාදන පාසල්වලට සැපයීමට සහාය වනු ඇති බවත් බලාපොරොත්තු වේ.

මේ අතර දේශීයව වගා කරන ආහාර යොදාගෙන ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන (HGSF) යනු අවශ්‍යතා සහිත දරුවන්ට ආහාර ලබා දෙන, දේශීය ගොවීන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට සහාය වීමෙන් වඩාත් ඔරොත්තු දෙන ප්‍රජාවන් ගොඩනඟන නව්‍ය ක්‍රමයක් බවයි.

ඒ අනුව අඳාළ වැඩසටහන පාසල් ආහාර සැපයුම්කරුවන් දේශීය ගොවීන් සමඟ සම්බන්ධ කරන අතර, ආහාර ද්‍රව්‍ය දේශීය ප්‍රජාවෙන් ලබාගැනීම සහතික කර දේශීය ආර්ථිකය පොහොසත් කරන්නක් බව පවසයි.

කෙසේ වෙතත් පසුගිය 2013 දී ආරම්භ කළ ‘Watch Hunger Stop’ මෙහෙයුම ඔස්සේ මයිකල් කෝර්ස්, WFP වෙත පාසල් ආහාර මිලියන 35 කට වඩා සැපයීමට උපකාර කර ඇත.

මේකට කලින් වාහනයක් ගන්න නැත්නම් වාහන ගන්න හිතන්නත් බෑ

මේකට කලින් වාහනයක් ගන්න නැත්නම් වාහන ගන්න හිතන්නත් බෑ

එසේම නිර්මාණ ශිල්පී මයිකල් කෝර්ස් මෑතකදී WFP හි රෝම මූලස්ථානයට ගොස් විධායක අධ්‍යක්ෂ සින්ඩි මැකේන් සමඟ සාකච්ඡා කළ බව ද වාර්තා වේ.ේ අනුව මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් තමා තවත් ආඩම්බර වන බවත්, ලෝකයේ කුසගින්න අවසන් කිරීමට පෙරට වඩා කැපවී සිටින බවත් ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම WFP වෙත තවදුරටත් සහාය ලබා දීමට මයිකල් කෝර්ස් 2025 වසර වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ටී-ෂර්ට් දෙකක් ඉදිරිපත් කර ඇත.

ඒ මෝස්තරවල ශ්‍රී ලංකාවේ HGSF වැඩසටහනෙන් ලබාගත් පලතුරු සහ එළවළුවල ඡායාරූප ඇතුළත් අතර, ඒවා මැක්සිම් පොයිබ්ලැන්ක් විසින් ගන්නා ලද ඒවා වේ.

මෙම ටී-ෂර්ට්වල මිල ඩොලර් 40 ක් වන අතර ඒවා කපු/ලිනන් මිශ්‍රණයකින් සාදයි.

ඒ අනුව මෙම ටී-ෂර්ට් අලෙවි කිරීමෙන් ලැබෙන සියලුම ලාභ ලෝක ආහාර වැඩසහන වෙත බැර වෙන බව සඳහන්. 

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්

රත්තරන් මිල පල්ලම් බහී - අද රන් මිල ගැන පිස්සු හැදෙන ආරංචියක්