Meta, TikTok සහ YouTube වලට බරපතළ නඩුවක් - මාර්ක් සකර්බර්ග්වත් ගෙන්වයි
අමෙරිකා එක්සත් ජනපදයේ තරුණ පරපුර සමාජ මාධ්‍ය වෙත ඇබ්බැහි කරවීම සහ ඒ ඔස්සේ මානසික සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකට විරුද්ධව නඩු විභාගයක් ආරම්භ වී ඇත.
ඒ අනුව මෙම චෝදනා එල්ල වී ඇත්තේ Meta, TikTok සහ YouTube යන සමාගම්වලට විරුද්ධවයි.
ඒ අනුව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් අධිකරණයකදී මෙම නඩු විභාගය සඳහා ජූරි සභිකයන් තෝරා ගැනීම සිදුකර ඇත.
අඳාළ නඩු විභාගය ලොව පුරා තාක්ෂණික සමාගම්වල වගකීම පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක් වශයෙන් සැලකෙයි.
මෙහිදි චෝදනා එල්ලවී තිබෙන්නේ සමාජ මාධ්‍ය සමාගම් හිතාමතාම සිය යෙදුම් වෙත ඇබ්බැහි වන ආකාරයට සැලසුම් කර ඇති බවත්, එමගින් දරුවන් සහ යෞවනයන් අතර විශාදය, කාංසාව සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඉහළ ගොස් ඇති බවටයි.
අඳාළ නඩුවේ ප්‍රධාන පැමිණිලිකාරිය වන්නේ 19 හැවිරිදි K.G.M. වශයෙන් හඳුන්වන තරුණියක් වන අතර ඇය කුඩා කල සිටම මෙම වේදිකාවලට ඇබ්බැහි වීම හේතුවෙන් දැඩි මානසික පීඩාවකට ලක්වූ බව කියමින් වන්දි ඉල්ලා ඇති බව සඳහන්.
එමෙන්ම Meta සමාගමේ ප්‍රධාන විධායන නිලධාරී මාර්ක් සකර්බර්ග්ද සාක්ෂිකරුවෙක් වශයෙන් මෙම නඩු වාරයට පෙනිසිටිමට නියමිතව ඇත.