මෙටා සමාගම ගත් හදිසි තීරණයක් නිසා පිරිසකගේ රැකියා අහිමි වෙයි..

Facebook Meta Technology Social Media
By Aruna Oct 18, 2024 05:01 AM GMT
Aruna

Aruna

Report

රෙදි සෝදන ඩිටර්ජන්ට්, වයින් වීදුරු සහ කුරුලෑ ප්‍රතිකාර ද්‍රව්‍ය වැනි දේ සඳහා මෙටා සමාගම ලබා දී ඇති ආහාර දීමනා භාවිත කිරීම සම්බන්ධයෙන් මෙටා ආයතනය සිය ලොස් ඇන්ජලීස් කාර්යාලයේ සේවකයින් 25 ක් පමණ සේවයෙන් පහ කළ බවයි වාර්තා වන්නේ.

සමාගමට හුරුපුරුදු මූලාශ්‍රයක් මේ බව CNN පුවත් සේවය වෙත තහවුරු කර ඇති බව සඳහන් වනවා.

මෙටා සමාජ මාධ්‍ය දැවැන්තයාගේ බොහෝ ආයතනික කාර්යාලවල සේවකයින්ට වරප්‍රසාදයක් ලෙස ආහාර සැපයීම සඳහා විස්තීර්ණ ආහාර සේවා සැපයීම සිදු කරනු ලබයි.

බෝතල් කළ පානීය ජලය ගැන භයානක ආරංචියක්..ඔබත් පාවිච්චි කරන්න කළින් මේ ගැන දැනගන්න.

බෝතල් කළ පානීය ජලය ගැන භයානක ආරංචියක්..ඔබත් පාවිච්චි කරන්න කළින් මේ ගැන දැනගන්න.


නිව් යෝර්ක් නගරයේ පෙන් ස්ටේෂන් අසල මෙටා කාර්යාලය, කාර්ය මණ්ඩලය සඳහා නොමිලයේ විවිධ කුටි සහිත ඉහළ මට්ටමේ ආහාර ලබා දෙන ආපනශාලාවක් පවත්වාගෙන යන බවයි.

නමුත් ආහාර සේවා නොමැති කුඩා කාර්යාලවල සේවකයින් සඳහා, සමාගම ආහාර වවුචර සපයන බවයි පැවසෙන්නේ.

ඒ අනුව උදේ ආහාරය සඳහා ඩොලර් 20 ක්, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සඳහා ඩොලර් 25 බැගින් ඔවුන්ට රැකියාවේ යෙදී සිටියදී කාර්යාලයට ආහාර ලබා ගත හැකිවේ.

මෙම ආහාර වවුචර ලබා දී ඇත්තේ සේවකයින්ට කාර්යාලයේ වැඩ කරන අතරතුර ආහාර ගැනීම සඳහා පමණක් වීම ද විශේෂත්වයක්.

නමුත් සමහර සේවකයින් ආහාර වෙනුවට වෙනත් දේවල් මිලදී ගැනීමට (රෙදි සෝදන ඩිටර්ජන්ට්, වයින් වීදුරු සහ කුරුලෑ ප්‍රතිකාර ද්‍රව්‍ය) මෙම ආහාර අරමුදල් භාවිත කර ඇති බවයි,මෙටා ආයතනයේ අභ්‍යන්තර පරීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ.

තෙල් මිල සති දෙකක් තුල වාර්තාගත ලෙස පහළ යයි..ලංකාවටත් සුබ ආරංචියක්..

තෙල් මිල සති දෙකක් තුල වාර්තාගත ලෙස පහළ යයි..ලංකාවටත් සුබ ආරංචියක්..


තවත් සමහරෙක් මෙම වවුචර භාවිත කොට ඔවුන්ගේ නිවෙස්වලට ආහාර ගත් බවත් මූලාශ්‍රය පවසි.

සමාගම මේ වසර මුළදී පවසා තිබුණේ, මෙටා හි තනි සේවකයෙක් සඳහා (ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් හැර) මධ්‍ය වාර්ෂික සමස්ත වේතනය ඩොලර් 379,050 ක් බවයි.