තෙල් මිල සති දෙකක් තුල වාර්තාගත ලෙස පහළ යයි..ලංකාවටත් සුබ ආරංචියක්..

Report

ලෝක වෙළදපළේ බොරතෙල් මිල ගතවූ පැය 48 තුළ අමෙරිකානු ඩොලර් 74 මට්ටමේ පවතින බව වාර්තා වනවා.

එය දෙසතියකින් වාර්තා වූ පහළම අගය බවයි පැවසෙන්නේ.

ඒ අනුව, ඊයේ බ්‍රේන්ට් බොරතෙල් මිල ඩොලර් 74.43ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 70.72ක් ලෙස සටහන් විය.

විදුලි බිල 45% කින් අඩු කරයි?..නව ජනපති අනුරට අභියෝගයක්.

විදුලි බිල 45% කින් අඩු කරයි?..නව ජනපති අනුරට අභියෝගයක්.


මෙලෙස ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් එකවරම පහළ යෑමට හේතුවක් වී ඇත්තේ, ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය බොරතෙල් ඉල්ලුම අඩුවෙනු ඇතැයි, පුරෝකථනය කිරීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඒ අනුව දෛනික බොරතෙල් ඉල්ලුමේ වර්ධනය බැරල් මිලියන 2ක සිට මිලියන 1යි දශම 9ක් දක්වා අඩුවනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබුණා.

මෙලෙස ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යෑම නිසා අපේ රටේ ලබන මාසයට අදාලව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙරට ඉන්ධන මිල ගණන් තවත් පහළ හෙළීමට හැකියාව පවතී.