මමත් හරියට දන්නේ නෑ - හතර පහක් ආවා එක්කං ගියා - මර්වින්ගේ බිරිඳ කියන කතාව!

By Shehan Mar 06, 2025 06:33 AM GMT
Shehan

Shehan

Report

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ (05) රාත්‍රී පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මර්වින් සිල්වා ඉඩම් මගඩියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

මර්වින් සිල්වා ඉඩම් මගඩියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

මේ අතර මර්වින් සිල්වා මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වීය.

"මමත් හරියට දන්නේ නෑ. ඊයේ රෑ හතර පස් දෙනක් ආවා.. ඇවිත් 2015 කතාවක් ගැන කිව්වා. මොකද්ද මේ කඩකාමරවල ප්‍රශ්නයක් කියලා එක්කන් ගියා. මෙහේ ප්‍රශ්න කළේ නැහැ.. එක්කං ගිහින් ප්‍රශ්න කරන්නැති "


ReeCha