ට්රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවක් හෙට
යුක්රේන ජනාධිපතිවරයා හෙට දිනයේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.
ඒ රුසියානු හා යුක්රේන යුද ගැටුම් අවසන් කිරිමේ අරමුණිනි.
ඒ වගේම ධවල මන්දිරය නිවේදනය කරනු ලබන්නේ යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර හෙට දිනයේ දී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බවයි.
තවද ෆ්ලෝරීඩා හිදී පැවැත්වීමට නියමිත මෙම හමුවේ දී රුසියාව සමග පවත්නා යුද ගැටුම් අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .
එවගේම දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම යෝජනාවලියට ඊයේ දිනයේ දී සංශෝධන එක්කෙරුණු අතර එම සංශෝධන සඳහා යුක්රේනයේ ප්රසාදයක් හිමිව තිබුණි.
තවද මෙම හමුවේ දී සාම ක්රියාවලිය සම්බන්ධයෙන් මෙන්ම ඇමෙරිකාවෙන් ආරක්ෂාව තහවුරු කිරීමක් පිළිබඳව ද සාකච්ඡා පවත්වනු ලබයි.
නමුත් රුසියාව සාම යෝජනාවලියට එක්කර ඇති සංශෝධන පිළිබඳව තම අප්රසාදය පළ කර තිබේ.