ජනපති හා වියට්නාම කොමියුනිස්ට් පක්ෂ ලේකම් අතර හමුවක්
By Hashini
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (මැයි 4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙහිදී දීර්ඝ වශයෙන් වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටියා.
ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනය කර තිබෙනවා.