රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක...

Report

හෙට (18 වැනිදා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල් තුළ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මේ හේතුවෙන් රෝගී ප්‍රතිකාර අඩාළ වීමේ අවධානමක් මතුව ඇති අතර මෙම වෛද්‍ය වැඩවර්ජනය පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

රුසියාවෙන් ඇසෙන හෙලිකොප්ටර් අනතුර...

රුසියාවෙන් ඇසෙන හෙලිකොප්ටර් අනතුර...


මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගැනීමට මුලික හේතුව බවට පත්ව ඇත්තේ, විධිමත් පැමිණිල්ලකින් තොරව බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලබන විනය පරීක්ෂණයට එරෙහිව බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ ය.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

එමෙන් ම, වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ, මීට අමතරව පසුගිය 10 වැනිදා සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව ය.

කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රතිව්‍යහුගත කිරීම සඳහා දින 14ක කාලයක් ලබාදීමට කටයුතු කරනා බව ද සඳහන් ය.

මැතිවරණ ඡන්ද පත්‍රිකා සියයට 97ක් බෙදා අවසන්...

මැතිවරණ ඡන්ද පත්‍රිකා සියයට 97ක් බෙදා අවසන්...

එමෙන් ම, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම කාලය ඇතුළත මේ සඳහා සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් මේ මස අවසානයේ දී මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ය.