මැතිවරණ ඡන්ද පත්‍රිකා සියයට 97ක් බෙදා අවසන්...

Report

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

ඩෙංගු මරණ සංඛ්‍යාව තව තවත් ඉහළට...

ඩෙංගු මරණ සංඛ්‍යාව තව තවත් ඉහළට...

ඒ අනුව, පසුගිය 03 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ය.

කෙසේවෙතත්, මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.