රජයේ නිලධාරීන් කොටසකට උපරිම පහසුකම් - ඇමති නලින්ද පොරොන්දු වෙයි
දුෂ්කර ආකාරයෙන් ක්ෂේත්‍ර චාරිකාවල නිරත වෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපවෙන සෞඛ්‍ය සේවකයන් හට උපරිම පහසුකම් ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන
සෞඛ්‍ය සේවාව ආයතනවලට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන අතර එහිදී ක්ෂේත්‍රෙය් රාජකාරී නිසි පරිදි ඉටු නොවුනහොත් සෞඛ්‍ය සේවාවේ කුමන සංවර්ධනයක් කළ ද ඉන් ප්‍රයෝජනයක් අත් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පවුල් සෞඛ්‍යෙස්වාව තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය ස්වා නිලධාරිණියන්ගේ සංගමයේ සාමාජිකාවන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සාධනීව විසදුම් ලබා දීමට පියවර ගන්නා බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.