ලෝක ප්‍රකට 'ටයිටැනික්' චිත්‍රපටය ගැන ජැක්ම කරපු හෙළිදරව්ව - රසිකයන් දැඩි පුදුමෙක
ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ, තම වසර 35ක රංගන ජීවිතයේ අතිසාර්ථකම සිනමා නිර්මාණය වන 'ටයිටැනික්' (Titanic) චිත්‍රපටය මේ වන තෙක් නරඹා නොමැති බවට ප්‍රකාශ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ එම හෙළිදරව්ව රසිකයන් දැඩි මවිතයකට පත් කර ඇති බවයි.
මේ වනවිට 51 වන වියේ පසුවන මෙම ඔස්කාර් සම්මානලාභී ලියනාඩෝ ඩිකැප්රියෝ මෙම අදහස් දක්වා ඇත්තේ Variety සඟරාවේ 'Actors on Actors' වැඩසටහන වෙනුවෙන් ජෙනිෆර් ලෝරන්ස් සමඟ සහභාගී වූ අවස්ථාවකදීයි.
එහිදී ඩිකැප්රියෝ "නැහැ, මම ඒක බලලා නැහැ," යනුවෙන් සඳහන් කිරීමේදී මවිතයට පත් වූ ජෙනිෆර් ලෝරන්ස් කියා ඇත්තේ, "අයියෝ, ඔබ එය නැරඹිය යුතුමයි! මම ඔට්ටු අල්ලනවා දැන් ඒක බැලුවත් ඔබට ඒක ගොඩක් හොඳයි කියලා හිතෙයි" යනුවෙන්.
එයට පිළිතුරු ලෙස ඔහු සඳහන් කර ඇත්තේ තමන් රඟපෑ චිත්‍රපට නැවත නැරඹීමේ පුරුද්දක් තමන්ට නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම පුවතත් සමඟ X සමාජ මාධ්‍ය ජාලය හරහා රසිකයන් විවිධ ප්‍රතිචාර දක්වා ඇත.
1997 වසරේ තිරගත වූ 'ටයිටැනික්' චිත්‍රපටය ඩොලර් බිලියන 2.264ක ආදායමක් උපයමින් ඔස්කාර් සම්මාන 11ක් දිනා ගැනීමට සමත් වූ නිර්මාණයක්.