ප්‍රකට ඇඟලු‍ම් සමූහයකින් කර්මාන්තශාලාව වසා දැමීම පිළිබඳ නිවේදනයක් - සේවකයන්ට වෙන්නේ මේකයි

Report

ආන්දෝලනයකට ලක්ව ඇති තුල්හිරියේ පිහිටි 'මාස්' සමූහයට අයත් මෙත්ලිය කර්මාන්තශාලාව වසා දැමීම පිළිබඳව මාස් ඇඟලු‍ම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ නිමි ඇදුම් නිෂ්පාදනය කළ මෙම කර්මාන්තශාලා පරිශ්‍රය, මින් ඉදිරියට රෙදි නිෂ්පාදනය සඳහා පමණක් භාවිතා කිරීමට තීරණය කර තිබෙන බවයි.

එසේම මාස් සමූහය නිකුත් කළ මෙම නිවේදනයේ මේ වන විට සමූහයේ අනෙකුත් සියලු‍ මෙහෙයුම් ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්.

තවද මෙත්ලිය ආයතන පරිශ්‍රය, ඉදිරියේදී රෙදි ගෙතීම, ඩයි කිරීම සහ නිමකිරීම ඔස්සේ රෙදි නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට භාවිතා කරන බවද දක්වා ඇත.

එබැවින් ඉදිරියේදී මෙත්ලිය ආයතනයේ ඇඟලු‍ම් නිෂ්පාදන මෙහෙයුම් නතර කරනු ලබන අතර, එහි ඇඟලු‍ම් නිෂ්පාදන ධාරිතාවන් මාස් සමූහයට අයත් අනෙකුත් කර්මාන්තශාලා වෙත යොමු කිරීමට නියමිතව ඇති බව පවසයි.

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

එමෙන්ම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ සිදුව ඇති බිඳවැටීම හරහා දීර්ඝ කාලින ලෙස සමුහයට ඇතිවිය හැකි බලපෑම වළක්වා ගැනීම එහි අරමුණ බවයි.

කෙසේ වුවද මෙත්ලිය ආයතනයේ සේවය කළ 2200ක් වූ සේවකයින්ට ස්වකැමැත්ත පරිදි සමූහයට අයත් මෙරට ඇති වෙනත් ආයතනයක සේවය කිරීමට හෝ ජෝර්දානයේ පිහිටි මාස් ආයතනයේ සේවය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

තවද මාස් ඇගලු‍ම් ආයතනය ප්‍රකාශ කළේ අමතර දිරි දීමනාවක් ලෙස මාස තුනක වැටුපක් ලබාදීමට ද කටයුතු කර ඇති බවයි.

එසේම පුද්ගලික හේතූන් මත සේවකයෙක් එම සමූහය විසින් ලබාදෙන විකල්ප රැකියා භාර නොගැනීමට හෝ ඉල්ලා අස්වීමට තීරණය කළහොත් ඔවුන්ට මෙරට නීතිය යටතේ නියම කර ඇති මුදලට වඩා වැඩි මුදලක් වන්දි ලෙස ලබාදීමට ද කටයුතු කර ඇති බව මාස් සමූහය දන්වා ඇත.

කෙසේ වුවද පොදුජන ප්‍රගතිශිලි සේවක සංගමය චෝදනා කරන්නේ, මෙත්ලිය කර්මාන්තශාලාව මීට දින 04 කට පෙර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවටයි.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්