ශ්‍රී ලාංකිකයන් අනතුරේ - මේ ආයතනවල සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණ

Report

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන MAS සමූහ ව්‍යාපාරය සිය ශ්‍රම බලකාය සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට තීරණය කර ඇති බව තොරතුරු වාර්තා වේ.

ඒ අනුව සේවකයින් 96,000ක් සේවය කරන මෙම ආයතනය, අදියර කිහිපයකින් සමන්විත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් හරහා එම සංඛ්‍යාව 70,000 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

මෙහි සෘජු ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 26,000කගේ පමණ රැකියා අවස්ථා අහිමි වී යාම සිදුවන අතර මීට අමතරව ආයතනික ප්‍රතිසංවිධාන කටයුතු යටතේ ඇතැම් නිෂ්පාදන ඒකක වසා දැමීමට දැනටමත් පියවර ගෙන තිබේ. ඒ අනුව තුල්හිරිය MAS ෆැබ්රික් පාර්ක් පරිශ්‍රයේ ක්‍රියාත්මක වූ ‘MAS Kreeda Methliya’ ආයතනය මේ වන විටත් වසා දමා ඇති අතර ඉදිරියේදී ‘MAS KREEDA Vaanavil’ (වානවිල්) සහ නිදහස් වෙළඳ කලාප තුළ පිහිටි ‘MAS Active’ කර්මාන්ත ශාලාවල කටයුතු නතර කිරීමට නියමිතව ඇත.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

මීට අමතරව, හොරණ සහ රත්නපුර ප්‍රදේශවල ක්‍රියාත්මක වන ‘MAS Bodyline’ ආයතනයේද සේවක සංඛ්‍යාව අඩු කිරීමට සැලසුම් කර ඇත. අදාළ සේවකයින් සඳහා මාස තුනක වැටුප් වන්දියක් හෝ වෙනත් ප්‍රදේශවල පිහිටි ශාඛාවල රැකියා ලබාදීමට පාලනාධිකාරිය යෝජනා කර ඇතත්, එය ප්‍රායෝගික නොවන බව සේවකයෝ පෙන්වා දෙති.

උදාහරණයක් ලෙස, තුල්හිරිය ප්‍රදේශයේ සේවය කළ අයෙකුට රත්නපුර වැනි දුර බැහැර ප්‍රදේශයකින් රැකියා ලබාදීම ඔවුන් දැඩි අසරණභාවයකට පත් කරන්නකි. Nike, Adidas, Victoria’s Secret සහ Lululemon වැනි ලෝක ප්‍රකට සන්නාමයන් වෙනුවෙන් නිෂ්පාදන සිදුකරන MAS ආයතනය, එම ජාත්‍යන්තර සන්නාමයන් අගය කරන සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වේ.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

විශේෂයෙන්ම, ආයතනය තුළ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තහනම් කර තිබීම හේතුවෙන්, සිදුවන අසාධාරණයන් පිළිබඳව සාමූහිකව හඬ නැගීමට සේවකයින්ට ඇති අවස්ථාව ඇහිරී තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මගින් ලබාදුන් පුළුල් බදු සහන භුක්ති විඳිමින් මෙරට තුළ විශාල ලාභයක් උපයාගත් මෙම සමාගම්, දැන් සිය මෙහෙයුම් ඉන්දියාව වෙත ව්‍යාප්ත කිරීමට උත්සාහ දරමින් සිටියි. අඩු ශ්‍රම පිරිවැය සහ අඩු විදුලි ගාස්තු වැනි වාසි සහගත තත්ත්වයන් සොයා සිය කර්මාන්ත ශාලා ඉන්දියාවට ගෙනයාමේ ආර්ථික සහ භූ-දේශපාලනික උපායමාර්ගයක ඔවුන් නිරතව සිටින බව නිරීක්ෂණය වේ.

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර