සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක් - සැක සහිත පුද්ගලයයෙක් හැමතැනම ඉදන් ඔවුන් ලුහුබැඳලා

Report

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත සුවිශේෂී ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම සම්බන්ධ වී සිටින බවට සැකකෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු, සැක සහිත බුද්ධි හෝ නිරීක්ෂණ කටයුතුවල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු දිගින් දිගටම තමාව සහ සිය දරු දෙදෙනාව නැවත නැවතත් ලුහුබඳිමින් නිරීක්ෂණය කරන බව පවසමින් ය.

මහජනතාවට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - රටේ පැතිරෙන මාරාන්තික වෛරසයට පොලිසියෙන් වැඩපිළිවෙලක්

මහජනතාවට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - රටේ පැතිරෙන මාරාන්තික වෛරසයට පොලිසියෙන් වැඩපිළිවෙලක්

ඒ අනුව ඊයේ දින සිය 17 හැවිරිදි බාල දියණිය සහ 22 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා ඔවුන්ගේ ආදරණීය පියාගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත ගිය අවස්ථාවේදී ද අදාළ සැකකටයුතු පුද්ගලයා දරුවන් පසුපසම හඹා ගොස් ඔහුගේ ජංගම දුරකථනය ආධාරයෙන් එම ළමයින්ගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම් සිදුකර ඇති බව ඇය ඉදිරිපත් කළ නිල පැමිණිල්ලේ පැහැදිලිවම සඳහන් කරයි.

විශේෂ නීතියක් - ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගවල මත්පැන් භාවිතය තනහනම් හේතුව මෙන්න

විශේෂ නීතියක් - ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගවල මත්පැන් භාවිතය තනහනම් හේතුව මෙන්න

එසේම මීට පෙර අවස්ථාවලදී ද කොළඹ ජාතික රෝහල අසළ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසළ ද මෙම පුද්ගලයා නිරන්තරයෙන් ගැවසෙන අයුරු තමන් විසින් ඉතාමත් පැහැදිලිව නිරීක්ෂණය කර ඇති බව ද ඇය වැඩිදුරටත් පවසයි.

රට තුළ පවතින එවන් අවදානම් සහගත තත්ත්වයක් තුළ මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, තමන් පසුපස කැමරා උපකරණ සහිතව ගැවසෙන අදාළ පුද්ගලයා සැබවින්ම කවුරුන්ද යන්න නිවැරදිව හඳුනාගන්නා ලෙසත්, රාජ්‍ය ආයතන සතු මෙවැනි රහසිගත ක්‍රියා සිදුකළේ කාගේ නිල හෝ පෞද්ගලික උපදෙස් යටතේද යන්න නෛතිකව තහවුරු කරගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියෙන් දැඩිව ඉල්ලා සිටියි.