ක්ලබ් වසන්තගේ මැණික් ගැන ලැබුණ අලුත් ආරංචිය මෙන්න..

Hospitals in Sri Lanka Crime Latest Headlines
By krishani Jul 27, 2024 11:51 AM GMT
krishani

krishani

Report

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන තුවාල ලැබීය.

ක්ලබ් වසන්තගේ මැණික් ගැන ලැබුණ අලුත් ආරංචිය මෙන්න.. | Manik Wijewardane

ඒ අනුව රෝහල්ගත කළ ඇයව තවමත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම, මේ වන විට ඇය තරමක් දුරට යහපත් තත්ත්වයට පත්ව ඇති බව ද වාර්තා වේ.

මීට පෙර ඇයව සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට පියවර ගත් බවට ද තොරතුරු වාර්තා විය.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදු කර තිබුණේ ය.

එහි දී ඔහු ඇතුළු තවත් අයෙක් මිය ගිය අතර ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

ඒ අනුව ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත්, වාර්තා වන්නේ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බවයි.

ReeCha