මිද්දෙණිය අයිස් සිද්ධියට සොයන මනම්පේරි කලින් ඝාතනයකට අත්අඩංගුවට ගත් කෙනෙක් - මෙන්න විස්තරේ
මිද්දෙණිය ප්‍රදේශයේ හිස් ඉඩමක වළදා තිබියදී සොයා ගත් අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා බව සඳහන් එම ද්‍රව්‍ය එම ඉඩමේ වළදැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි නැමැති සැකකරු මීට කලින් අපරාධයකට අත්අඩංගුවකට ගත් පුද්ගලයෙක් බව හෙළිවේ.
ඔහු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙක් නාරා හේන් පිටදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට බව සඳහන්වේ.
අඟුණුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය මැතිවරණයේදී තරඟ කළ මෙම සැකකරු හිටපු පොලිස් නිලධාරියෙක් බව පොලීසිය පවසනවා.
රවිරාජ් ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු පසුව අධිකරණයෙන් නිදහස් වී ඇති බවත් ඔහු සම්බන්ධයෙන් වෙනත් නඩු කිහිපයක් අධිකරණයන්හි විභාග වෙමින් ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට නියෝජනය කළ හිටපු ඇමතිවරයකුගේ කාර්යාලයේ ද කටයුතු කර ඇති මෙම සැකකරු හිටි හැටියේම පොහොසත් වී ඇති බවට පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයද බුද්ධි තොරතුරක් බලධාරීන් වෙත යොමුකර තිබි තිබෙනවා.
මෙම සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට අද දිනයේත් පොලිස් මෙහෙයම් ක්‍රියාත්මක වී තිබෙනවා.