අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 16 පනී

Report

2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ (07) වන දින වනවිට 1,604,018ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එසේම සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

එමෙන්ම සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 10,171ක් පැමිණ තිබෙන අතර එය 27.1% ක් ලෙස දැක්වේ.

මේ අතර එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක් ද මේ මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙන් පුද්ගලයින් 335,766ක් ම ඉන්දියාවෙන් පැමිණ ඇති බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ 2025 දී එක්සත් රාජධානියෙන් සංචාරකයින් 154,174ක් පැමිණ ඇති අතර රුසියාවෙන් සංචාරකයින් 119,592ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. 

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන