නාමල් රාජපක්ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්
වත්මන් ආණ්ඩුව මඟින් මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති පාතාල කල්ලි සාමාජිකයන් සහ ඒ සමඟ එළි වෙන විවිධ තොරතුරු පිළිබඳව විවිධ දේශපාලඥයින් විසින් විවිධ දහස් දක්වයි.
ඒ අතර බහුතරයක් දෙනා එම පාතාල කල්ලි සාමාජිකයන් හා ප්‍රබල දේශපාලකයන්ට ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ කරමින් සිටී.
ඒ අනුව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න මහතා දැක් වූයේ මෙවන් අදහසක්,
" නාමල් රාජපක්ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ ඒක සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා බීරාන්තට්ටු වෙලා උත්තර දෙන්නේ. බය වෙලා ඉවරවෙලා කියන්නෙ අපි බය නෑ අපි බය නෑ කියනවා. බය වෙච්ච තරම හැටියට තමයි බය නෑ බය නෑ කියන්නේ. තව තව දේවල් මේකෙන් අනාවරණය වෙයි හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ. මේ තියෙන තොරතුරු අනුව අපේ රට තව ඉස්සරහට ගියා නම් බුදු අම්මෝ අපේ දරු පැටව් ඉවරයි. " යනුවෙන්.
