විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් ඖෂධ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Report

පෞද්ගලික ඖෂධ වෙළඳසැල්වල ඖෂධ ඉතා අඩු මිල ගණන්වලට තිබුණද, ඒවායේ රසායනික ප්‍රමිතීන් පිළිබඳව බරපතල සැකයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

සැමියාටයි ගෙදර අයටයි ලෝකේ දරුණුම විස බිම්මල් හදලා දීලා පවුල පිටින් එලොව

සැමියාටයි ගෙදර අයටයි ලෝකේ දරුණුම විස බිම්මල් හදලා දීලා පවුල පිටින් එලොව

ඇතැම් ඖෂධවල තිබිය යුතු නිශ්චිත රසායනික සංඝටක නැති බවත් ඒවායේ ලේබලවල සඳහන් සමාගම් පවා එම රටවල්වල නොමැති බවත් ඔහු පවසයි.

එමෙන්ම ඖෂධ ප්‍රධාන පෙළේ රෝහල් අසල ෆාමසිවල ඉතා අඩු හෝ ඉතා වැඩි මිල ගණන්වලට අලෙවි වන බවත්, මේ සම්බන්ධව නිසි නියාමනයක් සිදුකළ යුතු බවට තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නද, මෙතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසයි.

බයික් එක නවත්තගන්න බැරි වුණා කෙලින්ම ගිහින් බෝක්කුවේ වැදුණා - පුද්ගලයන් දෙදෙනෙක් මරුට

බයික් එක නවත්තගන්න බැරි වුණා කෙලින්ම ගිහින් බෝක්කුවේ වැදුණා - පුද්ගලයන් දෙදෙනෙක් මරුට

ඔහු උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ , Papavarine නම් ඖෂධය රජය මිලදී ගැනීමේදී රුපියල් 50,000කට වැඩි මුදලක් වැය වන නමුත්, එම ඖෂධයම රුපියල් 300ක් වැනි මුදලකට පිටත වෙළඳපොලේ ඇති බවට මීට පෙර වාර්තා විය.

පසුව සිදුකළ නිරීක්ෂණවලදී අනාවරණය වූයේ එම ඖෂධවල කිසිදු රසායනික ප්‍රමිතියක් නොමැති බවත්, එම ඖෂධ නිෂ්පාදනය කරන බව කියන සමාගම් ඉන්දියාව තුළ දැනට ක්‍රියාත්මක නොවන බවත්ය.

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

මේ තත්ත්වය නිසා “අඩු මිලට ඖෂධ වෙළඳපොලේ තිබේ” යන වැරදි මතයක් සමාජගත වෙමින් පවතින බවත්, මෙවැනි ඖෂධ හදිසි වැටලීම් සහ විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් නොකළහොත් ඒවා භාවිතා කරන රෝගීන්ට බරපතල සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.