කොත්තුවක් කාපු තරුණයා හදිසියේම ජීවිතක්ෂයට
කොත්තු ආහාරයට ගැනීමෙන් අනතුරුව රෝගී වී රෝහල් ගත කළ 35 හැවිරිදි තරුණයෙකු පෙරේදා (24) දින රාත්‍රියේ සිට ඊයේ (25) අලුයම දක්වා කාලය ඇතුළත මියගොස් ඇති බවට අඟුරුවාතොට පොලීසිය වාර්තා කරයි.
ඒ අනුව මියගිය තැනැත්තා ගල්පාත, බටගොඩ, නදීඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී. මහේෂ් සංජීව නන්දදේව (35) නමැති අවිවාහක තරුණයෙක් බව සඳහන්. පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිටි මියගිය තරුණයා පෙරේදා දින රාත්‍රී 8.30ට පමණ රැකියාව නිමවා නිවසට පැමිණ ඇත.
එමෙන්ම ඔහු පැමිණෙන විට කොත්තුවක් රැගෙන විත් ඇති අතර, එය තම වැඩිමහල් සහෝදරයා සමඟ ආහාරයට ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
අනතුරුව රාත්‍රී 10.30ට පමණ ඔහුට වමනය හා උදරයේ වේදනාවක් ඇති වී තිබෙන අතර, වහාම ගල්පාත රෝහලට ඇතුළත් කර ඇත.
ඒ අනුව පොලීසිය වාර්තා කළේ එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවූ පසු එහිදී ඊයේ අලුයම ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි.
මේ අතර අවාසනාවන්ත ලෙස මියගිය තරුණයා සමඟ කොත්තු ආහාරයට ගත් ඔහුගේ වැඩිමහල් සහෝදරයාට කිසිදු රෝගී තත්ත්වයක් ඇති වී නොමැති බවද විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
එය හොරණ හදිසි මරණ පරීක්ෂක සහ සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් සිදු කරනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මරණයට හේතුව නිශ්චිතව අනාවරණය කරගත හැක්කේ මෙම පරීක්ෂණයෙන් පසුව බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.