අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

Report

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අද(22) දින උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද කණ්ඩායමේ නායකයා බව අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මෙම වෙඩි තැබීමෙන් මියගිය කෝසල සිල්වා ඉකුත් පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා බවයි.

එසේම කෝසල සිල්වා අම්බලන්ගොඩ ප්‍රදේශයේත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බවද ශාන් විජයලාල් ද සිල්වා විසින් පෙන්වා දී ඇත.

අම්බලන්ගොඩ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනියි

අම්බලන්ගොඩ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනියි

ඊට අමතරව මීට සති කිහිපයකට පෙරද අම්බලන්ගොඩ දී සමගි ජන බලවේගයේ තවත් ක්‍රියාකාරිකයෙකු වූ විරන්ත වරුෂවිතාන වෙඩි තබා ඝාතනය කළ බවද ෂාන් විජයලාල් ද සිල්වා සඳහන් කළා.

ඔහුද ඉකුත් පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ කණ්ඩායමේ සමගාමී ලැයිස්තුවේ සිටි සාමාජිකයෙකු බවද ශාන් විජයලාල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.


අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහරදුන් බව කියන කතාවේ තවත් කොටසක් එළියට - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහරදුන් බව කියන කතාවේ තවත් කොටසක් එළියට - පොලීසියෙන් විශේෂ නිවේදනයක්