බෝම්බ බියක් නිසා මහනුවර කැළඹේ - පුද්ගලයා තර්ජනය අලුත් කරයි

Report

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් අටවා තිබෙන වාහනයක් නතර කර ඇති බවට ලැබුණු ඊමේල් තර්ජන දෙකක් ව්‍යාජ බව තහවුරු වුවද, එම තර්ජන හේතුවෙන් සේවකයින්ගෙන් 80%ක් පමණ දින භාගයක නිවාඩු දමා කාර්යාලයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

අද (26) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, කාර්යාල පරිශ්‍රයේ නතර කර තිබෙන මෝටර් රථයක බෝම්බයක් පුපුරා යෑමට නියමිත බවට ඊමේල් පණිවිඩයක් ලැබී ඇත. ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රියකරණ අංශය, පොලිස් සුනඛ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කාර්යාලය දැඩි සෝදිසියකට ලක් කළේය.

දරුවව තමන්ගෙන් වෙන් කරායැයි ඇගට ගිනි තියාගෙන

දරුවව තමන්ගෙන් වෙන් කරායැයි ඇගට ගිනි තියාගෙන

සියලු වාහන සෝදිසි කිරීමෙන් පසු මුල් ඊමේල් පණිවිඩය ව්‍යාජ බව තහවුරු වීමත් සමඟ පොලිස් කණ්ඩායම් ඉවත් කර ගැනීමෙන් පසු කාර්යාල රාජකාරි දහවල් ආරම්භ විය.

එහෙත් පැය දෙකකට පමණ පසුව නැවත වරක් සමාන ඊමේල් තර්ජනයක් නිල විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබීමෙන් කාර්යාලයේ නොසන්සුන්තාවක් ඇති වූ අතර, යළිත් පොලිස් කණ්ඩායම් පැමිණ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේය.

හිරුට අත තිබ්බට සජිත් යකා නටයි - පුළුවන්නම් කරලා පෙන්නන්න කියයි

හිරුට අත තිබ්බට සජිත් යකා නටයි - පුළුවන්නම් කරලා පෙන්නන්න කියයි

මෙම තත්ත්වය හමුවේ දෙපාර්තමේන්තුවල සේවක සේවිකාවන්ගෙන් විශාල පිරිසක් – ආසන්න වශයෙන් 80%ක් – නිවාඩු දමා නිවෙස් කරා පිටත් ව ගොස් ඇති බව වාර්තා වේ.

පොලිසිය මෙම ඊමේල් තර්ජන දෙකම ව්‍යාජ බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

කිලෝමීටර් 120ක් පළල දැවැන්ත සුනාමියක් නාසාවට හසු වෙයි

කිලෝමීටර් 120ක් පළල දැවැන්ත සුනාමියක් නාසාවට හසු වෙයි

මොහු ගැන දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න

මොහු ගැන දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න