අම්මයි තාත්තයි එක්ක බයික් එකේ ගිය මල් කැකුළ ආයේ නොඑන ගමන් යැවූ මාරක අනතුර
By Kaushi
වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම - මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) දින සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව අනතුරට මුහුණ පෑ දැරිය සිය මව හා පියා සමඟ යතුරුපැදියෙන් මතුගම දෙසට ගමන්කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
අනතුරින් පසුව එම දැරිය, තුවාල ලැබූ ඇගේ පියා හා මව දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී කුඩා දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.