මැදවච්චිය - තලෙයි මන්නාරම දුම්රිය ධාවනය කඩිනමින්

Report

මැදවච්චිය - තලෙයි මන්නාරම දුම්රිය ධාවනය ඉදිරි සති තුන ඇතුළත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මෙරට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මතු වූ ආපදා ආපදා නිසා දුම්රිය මාර්ගයට වූ හානි මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් ඇති බව එහි මාර්ග හා නඩත්තු අංශය සදහන් කර තිබේ.

එම කටයුතු අවසන් වූ පසු දැනට නාත්තන්ඩියට සීමා කර ඇති දුම්රිය ධාවනය පුත්තලම දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ආපදා තත්වයන් හේතුවෙන් බරපතලම හානි සිදු වූයේ උඩරට දුම්රිය මාර්ගයටයි.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කොටස් කිහිපයකට බෙදා ප්‍රතිසංස්කරණය මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බෝම්බ බියක් නිසා මහනුවර කැළඹේ - විශේෂ සෝදිසි මෙහෙයුමක්

බෝම්බ බියක් නිසා මහනුවර කැළඹේ - විශේෂ සෝදිසි මෙහෙයුමක්

තවද දෙපාර්තමේන්තුව පැවසුවේ රඹුක්කන - කඩුගන්නාව , ගම්පොල - නාවලපිටිය හා කොටගල - අඹේවෙල අතර කොටස්වල ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බවය.

තවද මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේද හානිවූ කොටස් පිළිසකර කිරීම් ආරම්භ කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පා.මන්ත්‍රී අර්ච්චුනාට මරණ තර්ජන - පොලීසිය පක්ෂ කාර්යාලයට ගිහින් බලද්දි කවුරුත් නෑ

පා.මන්ත්‍රී අර්ච්චුනාට මරණ තර්ජන - පොලීසිය පක්ෂ කාර්යාලයට ගිහින් බලද්දි කවුරුත් නෑ