මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත [VIDEO]

Report

වර්තමාන සමාජයේ අපි දුවන තරගකාරී ජීවන රටාවත් එක්ක අතේ සල්ලි නැති වුණත් අපි හැමෝම ළඟ මොකක් හරි ලෙඩක් නම් ති‍යෙනවා.

එහෙම තියෙන ලෙඩ රෝග අතරින් වැඩි පිරිසක් අතර දක්නට ලැබෙන හැබැයි කවදා හැදුනද කියලවත් දන්නෙත් නැති රෝගයක් තමයි ගැස්ට්‍රයිටිස් කියන්නේ.

කුඩා දරුවාගේ ඉඳලා තරුණ මහළු කවුරුත් දුක් විඳින රෝගයක් නිසාම අපි හිතුවා මේ ලිපියෙන් පාඨක ඔබව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.

ඒ සඳහා අප එකතු කර ගත්තේ ලෙඩක් කිව්ව ගමන් කොයි කාටත් මතක් වෙන සුව මැදුරක් වෙත.

මේ සාකච්ඡාව දේශබන්ධු දේශකීර්ති ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී චාන්දනී වික්‍රමාරච්චි සමඟයි.

මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත  | Gastritis Causes Symptoms And Natural Cure

ගැස්ට්‍රයිටීස් රෝගයට කළ යුත්තේ මොකක්ද කියලා ඇගෙන් විමසන්න කළින්ම අපි හිතුවා ඇත්තටම ඇත්තටම මොකක්ද මේ ගැස්ට්‍රයිට්ස් රෝගය කියන්නේ කියලා දැනගන්න?

"සරලව ගොඩක් වෙලාවට උගුරට එනවා නම් පපුව දැවිල්ල හැදෙනවා නම් අපි ඒක ගැස්ට්‍රයිට්ස් කියනවා. හැබැයි ගොඩක් අය මේක හරියටම තේරුම් ගන්න ඕන. මොකද ගැස්ට්‍රයිටිස්වලත් තියෙනවා වර්ග පහක්.ේ කියන්නේ මේ රෝගය අපිට ක්‍රම පහකට හැදෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කුඩා අවදියේ ඉඳන් නිසි වේලාවට ආහාර නොගැනීම නිසා බඩ ඇතුලේ ආම වාතය ඒ කියන්නේ ඇසිඩ් එකක් හැදෙනවා. මේ ඇසිඩ් එකෙන් බඩවැල්වලට තුවාල හැදිලා, ගලනාලය දිගටම තුවාල හැදුනහම තමයි ගැස්ට්‍රයිට්ස් රෝගය ආරම්භ වෙන්නේ. ඒ වගේම ගැස්ට්‍රයිටිස් හැදෙන තව ක්‍රමයක් තමයි හරියට තමන් කන ආහාර දිරවලා වැසිකිලියට නොයෑම. මළ බද්ධය රෝගයත් ගැස්ට්‍රයිටිස්වලට ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේම තමන්ගේ වකුගඩුවල මුත්‍රා ගල් තියෙනවා නම් පිත්තාශ ගල් තියෙනවා නම් ඒ අයටත් ගැස්ට්‍රයිටිස් අනිවාර්යෙන් හැදෙනවා. එතකොට අක්මාවේ ෆැටි ලිවර් හැදුනහමත් ගැස්ට්‍රයිටිස් හැදෙනවා. ඊට අමතරව එතකොට කොලෙස්ට්‍රෝල්වල ට්‍රයිග්ලිසරයිඩ් වැඩි වුණාමත් ගැස්ට්‍රයිටිස් රෝගය හැදෙනවා."

මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත  | Gastritis Causes Symptoms And Natural Cure

කොහොමද මේ රෝගය සුවපත් කර ගන්නේ?

"මේ කියපු ක්‍රම පහෙන් අපි හරියටම හොයා ගන්න ඕනේ රෝගියාට මේ රෝගය හැදුනේ කොහොමද කියලා. මොකද හැදුණු ක්‍රමය හොයාගත්තේ නැත්නම් කවදාවත් රෝගය හොඳ කරන්න බැහැ. ගැස්ට්‍රයිටිස් කියලා මොකක් හරි බෙහෙතක් බීලා රෝගය පාලනය කරගත්තත් පසුකාලීනව ගොඩක් දුක් විදින්න වෙනවා. ඒනිසා තමන්ට හැදිලා තියෙන්නෙ මොන විදිහේ ගැස්ට්‍රයිටිස් රෝගයක්ද කියලා මුලින්ම හරියටම අවබෝධ කරගන්න ඕනේ. එහෙම හොයා ගත්තොත් විතරයි මේ රෝගය නිට්ටාවටම සුව කර ගන්න පුළුවන් වෙන්නේ"

මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත  | Gastritis Causes Symptoms And Natural Cure

ගොඩක් දෙනා හිතනවා රෝගයට ගොදුරු වුණාට පසුව නිසි වෙලාවට ආහාර ලබා ගැනීම මේ රෝගයට විසඳුමක් කියලා?

"ලෙඩක් හැදුනට පස්සේ කොච්චර කෑමෙන් බීමෙන් පරිස්සම් වුණත් ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඊට අදාළ කරන ප්‍රතිකර්මය කරලා රෝගය සුවපත් කරගන්න ඕන. සමහර වෙලාවට රෝගීන් බෙහෙත් පෙත්තකට ඇබ්බැහි වෙලා හරියට කන්නේ නැතුව ජීවිත කාලෙම දුක් විඳිනවා. එහෙම වුණාම කැමති දෙයක් කන්න පවා ඒ රෝගීන් බයයි. එහෙම වෙන්න ඕනේ නැහැ. රෝගය හැදුන ගමන්ම ඉක්මන් ප්‍රතිකාර කරලා සුළු කාලයකින් හොඳ කරන්න පුළුවන් රෝගයක් මේ. ඉතාමත් සරල ප්‍රතිකාරයකින් සුව කරන්න පුළුවන් රෝගයකට සදාකාලිකවම බෙහෙත් බීම මම නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා හැමවෙලාවෙම නිසි ප්‍රතිකාරය කරගෙන සුවකර ගන්න කියලා තමයි මම හැමෝටම කියන්නේ. "

මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත  | Gastritis Causes Symptoms And Natural Cure

ගැස්ට්‍රයිටිස්වලින් පීඩා විඳින අය වැළකිය යුත්තේ මොන වගේ ආහාරවලින්ද?

"නිසි ආහාර රටාවක් නැති වීමත් මේ රෝගයට ප්‍රධාන හේතුවක්. ගැස්ට්‍රයිටීස් නිසා දුක් විඳින ගොඩක් අය වෙලාවට ආහාර ගන්නේ නැහැ. ඒ වගේම සුදුසු ආහාර ගන්නේ නැහැ. වර්තමානේ බොහෝ දෙනා බහුලව කෝපි පානය කරනවා. හැබැයි ගැස්ට්‍රයිටිස් රෝගීන්ට කෝපි කියන්නේ බෙහෙවින් අගුණ පානයක්. ඒ වගේම චොක්ලට්, අයිස් ක්‍රීම්, චොක්ලට් කේක්, අල වර්ග, කඩල, කව්පි, පාන් පිටි සහිත ආහාර මෙවැනි රෝගීන්ට සුදුසු නැහැ. ඒ වගේම වෙළඳපොළෙන් ගන්න රයිස්, කොත්තු වැනි ආහාර, තෙල් සහිත ආහාර, විනාකිරි සහිත ආහාරත් සුදුසු නැහැ. ඒ වගේම තමයි අන්නාසි, අඹ, රඹුටන්, දූරියන්, මැන්ගුස්, ගඩුගුඩා වගේ ආහාරවලිනුත් මෙවැනි රෝගීන් වැළකෙන්න ඕනේ."

මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත  | Gastritis Causes Symptoms And Natural Cure

ගැස්ට්‍රයිටීස් රෝගීන්ට තමන්ගේ රෝගය පාලනය කර ගන්න මොනවද කරන්න පුළුවන්?

"හැම වෙලාවෙම රෝගීන් අවබෝධ කරගන්න ඕනේ තමන්ට තිබෙන රෝගය මොකද්ද සහ තමන් කොහොමද පරිස්සම් වෙන්නේ කියන එක. තමන්ගේ ආහාර පුරුදු හරියට සැලසුම් කර ගත්තොත් අපිට රෝගයෙන් භාගයක්ම සුව කරගන්න පුළුවන්. ඉතුරු භාගෙට විතරයි අපි ප්‍රතිකාර කරන්න ඕන. ගැස්ට්‍රයිටීස් නිසා දුක් විඳින්න හේතු වෙන්නෙම ගොඩක් අයට තමන්ගේ ආහාර රටාව පාලනය කර ගන්න බැහැ. ඒ වගේම නියමිත වෙලාවට ආහාර ගන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කළොත් මේ රෝගය ඉක්මනින් සුවපත් කර ගන්න පුළුවන්."

රජෙක් වුණත් වැඩක් නෑ කියනවනේ ලෙඩෙක් නම්.

ඒ නිසා ඔබේ නිරෝගීමත් ජීවිතයට සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ගමන්ම ඔබේ ආහාර රටාව ගැනත් අවධානෙන් සිටීම වැදගත්.

එය ඔබව ගැස්ට්‍රයිටීස් රෝගියකු බවට පත් වීම වළක්වන බව සිහි තබා ගන්න.