අදත් වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපති පත් කර ගන්න බැරි වෙන්න හේතුව
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුව තිබේ.
මෙම නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේදී මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තා විය .
සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් මෙලෙස නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණු පළාත් සභාවේ දී පැවත්වීමට නියමිතව තිබුණි .
ඒ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙනි.
නමුත් ඒ සදහා අවශ්‍ය වන ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද දිනය දක්වා කල් දමා ඇත.
ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබූ බව වාර්තා වේ.
එහෙත් අද දිනයේදී ද සභිකයින් 22 දෙනෙකු පමණක් සභාවට පැමිණ තිබීම හේතුවෙන් ඝන පූර්ණය නොමැතිවීම නිසා සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු යළි කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරියට සිදුව තිබේ.