අද බස්වල යන අයට දැනුවත් කිරීමක්
නත්තල හා නව අවුරුදු උදාවට සූදානම් වන ජනතාව සඳහා අද දිනත් (26) ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ටී චන්ද්‍රිසිරි ප්‍රකාශ කළේ මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට අදත් සැලසුම් කර තිබෙන බවයි.
එසේම අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාද අද (26) දිනයේත් මගී අවශ්‍යාතවට සරිලන ආකාරයට ධාවනයට එක් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම පෙන්වා දෙයි.