ඇමේසන් වෙතින් විශේෂ නිවේදනයක්

Report

Amazon Web Services (AWS) ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇමේසන් වෙබ් සේවාවන්හි බිඳවැටීමක් සිදු වී ඇති බවට පැතිර යන වාර්තා සාවද්‍ය බවත්, තම සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ය.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ඇමේසන් ජාලය බිඳවැටී ඇති බවට පළ වූ තොරතුරු ප්‍රතික්ෂේප කරමින් එම සමාගම දක්වන්නේ අන්තර්ජාලයේ වෙනත් ස්ථානයක සිදු වූ සිදුවීමක් හේතුවෙන් මෙවැනි වැරදි මතයක් නිර්මාණය වී ඇති බවයි.

මීට පෙර අමෙරිකාවේ සහ ඉන්දියාවේ ඇමේසන් සේවාව බිඳවැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ Fortnite, Rocket League, ARC Raiders සහ තවත් Epic Games ක්‍රීඩා රැසක පරිශීලකයින්ට බාධා එල්ල වීමත් සමඟයි.

Gmail ලිපිනයට තුන් පාරක් විතරක් දෙන අවස්ථාවක් - නැත්තම් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා

Gmail ලිපිනයට තුන් පාරක් විතරක් දෙන අවස්ථාවක් - නැත්තම් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා

ඒ අනුව මෙහිදී ක්‍රීඩකයින්ට ලොගින් වීමට නොහැකි වීම, 'Servers Not Responding' වැනි පණිවිඩ ලැබීම සහ Epic Online Services (EOS) කාලය ඉක්මවා යාම (timeouts) වැනි ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වුණා.

කෙසේ වෙතත් මේ පිළිබඳව X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිල ප්‍රකාශයක් නිකුත් කරමින් AWS සමාගම දක්වා ඇත්තේ,

"AWS සේවාවන් අද දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා. නමුත් අන්තර්ජාලයේ වෙනත් ස්ථානයක සිදු වූ සිදුවීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ සාවද්‍ය මත පළ වී තිබෙනවා. අපගේ සේවාවන්හි පවතින තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු සපයන අන්තර්ජාලයේ ඇති එකම මූලාශ්‍රය වන්නේ #AWS Health Dashboard එක පමණයි." යනුවෙන්.

Power Bank පාවිච්චි කරනවා නම් මේ ගැන සැළකිලිමත් වෙන්න

Power Bank පාවිච්චි කරනවා නම් මේ ගැන සැළකිලිමත් වෙන්න

මේ අතර මීට පෙර ඉකුත් ඔක්තෝබර් මාසයේදී ද AWS මධ්‍යම ජාලයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා Snapchat, WhatsApp, Signal, සහ Reddit වැනි ජනප්‍රිය යෙදුම් රැසක සේවාවන් පැය ගණනාවකට අඩාල වූ බව වාර්තාවල සඳහන් වුණා.

එහෙත් මෙවර පවතින ගැටලුව තම ජාලය හා සම්බන්ධ එකක් නොවන බවටයි ඇමේසන් අවධාරණය කර ඇත්තේ.

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී