ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට විරුද්ධව පියවර ගැනීමට TRC එකට දැනුම්දෙයි - හේතුව මෙන්න[VIDEO]
හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම නිසා එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා මෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති බවට පොලීසිය පවසන බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර්ගෙන් සිදුකළ විමසිමකදි මෙම කරුණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු පිළිබදව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කළ බව ඔහු පවසා ඇත.
එබැවින් විද්‍යුත් විකාශන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නිසි බලධාරියා වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මීට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා මෙන් අදාළ ලිපියෙන් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනෙමින් තිබෙන බවයි.
මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තුව අමතමින් කුඩු ව්‍යාපාර හරහා මාධ්‍ය ජාල ගොඩනැගීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක්ද ඉතා ඉක්මණින් හෙළිදරව් කරන බවට ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා.
එමෙන්ම ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මොහොතක සදාචාර විරෝධී ආකාරයට සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඉකුත් පළමු වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.