නත්තල කියලා සූර් වුණ දහස් ගණනක් පොලිස් දැලේ

Report

නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සදහන් කර ඇත්තේ ඊයේ (25) දිනය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 29,539 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 493 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

එලෙස අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර අපරාධ ක්‍රියාවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 15 ක්, අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 179 ක් සහ විවෘත වරෙන්තු පවතින පුද්ගලයන් 88 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී

වැඩිදුරටත් පොලිසිය වාර්තා කර ඇත්තේ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පමණක් නඩු 4,414ක් වාර්තා වී ඇති අතර, නොසැලකිලිමත් ලෙස ලෙස රිය පැදවූ පුද්ගලයන් 36 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න