මාලිමාවට බලය හිමි බළපිටියත් පරාජදයි
බළපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කළ මංගල අයවැය අද (16) දිනයේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 01කින් පරාජයට පත් විය.
අද පැවැති සභා රැස්වීම අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු 16 දෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 18 දෙනෙකු, සමස්තයෙන්ම මන්ත්‍රීවරු 34ක් බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළහ.
අයවැයට සම්බන්ධ ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 16 දෙනා පක්ෂව ද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 17 දෙනා විපක්ෂව ඡන්දය භාවිත කළහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා අද සභාවාරයට පැමිණ නොතිබීමත් මෙයට හේතු විය.
ඒ අනුව, වැඩි ඡන්ද 01කින් මංගල අයවැය පරාජයට පත්වීමත් සමඟ, බළපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා මංගල අයවැය පරාජය විය.