ආණ්ඩුවේ 159ටත් වාහන එපා හැබැයි මෙහෙමයි - මාලිමාවෙන්ම කියයි
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම වාහන එපා කිව්වොත් ආණ්ඩුවේ 159 දෙනාද වාහන එපා කියන්නට සූදානම් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ප්‍රකාශ කරයි.
එසේම ඔහු සඳහන් කළේ එම වාහන ගන්නේ මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව රජයේ දේපළක් ලෙස බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම මන්ත්‍රී ධුර කාලය අවසානයේ ඒවා ආපසු රජයට භාර දෙන බවත් ඔහු පැවසුවා.
විපක්ෂයේ කිසිවකුට වාහන එපා නම් ඔවුන් සියලු දෙනාම වාහන ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලු ඔහු එසේ කළහොත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම වාහන අතහැරීමට සූදානම් බවත් සඳහන් කළ බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.