චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න තුරුලු කරගන්න - අවසන් මොහොතේ නිළි රැජිණ මාලනී

Report

 අප අතරින් සමුගත් නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් මොහොතේදී සහෝදරයෙක් ලෙස ඇය සමග සිට ආදරයෙන් බලාගත් නළු චන්දික මහතා පිලිබදව ඔහුගේ මිතුරන් මෙලෙස සටහන් තබයි.

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

" මම මීට දවස් දෙකකට විතර කලින් පුංචි පෝස්ට් එකක් දැම්මා ඇත්තම ඇත්ත කතාවක ඇත්ත කතාවක් කියන්න තියෙනවා කියලා. මම ඇත්තටම කතාව අද කියන්න ඕන කියලා හිතුවේ නෑ. අද කියන්න මට හේතුවක් හැදුනා. චන්දික නානායක්කාර කියන්නේ මගේ හොඳ යාළුවෙක්, සහෝදරයෙක් වගේ යාලුවෙක්.මම සාමාන්යයෙන් විවේක තියෙන බොහෝ වෙලාවල්වල චන්දික එක්ක කතා කරනවා. ඒක මාලනී අක්කා හොඳින් දන්නවා. එහෙම කතා කරන්න බැරි වෙච්ච කාලයක මාලනී අක්කා දවසක් මගෙන් ඇහුවා මොකෝ යාලුවත් එක්ක කතා කරේ නැත්තේ පහුගිය දවස්වල කියලා.

 

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

චන්දික මාලනී අක්කව බලාත්තා හරි අපූරු විදිහට. මම දන්නවා පහුගිය කාලේ ඔහු නාට්ය කිහිපයක චරිතත් අත ඇරියා ඒ වෙනුවෙන්. මම දන්නවා මාලනී අක්කව දවස් දෙකකට සැරයක් hospital. ගෙනියන්න කොච්චර නං සූදානම් වුණාද කියලා .මම දන්නවාඔහුගේ යුතුකම ඉතා ඉහළින්, ඔහුට කළ හැකි ඉතාම උපරිමයෙන් කලා කියලා. .මට මේ කතාව අද ලියන්න හේතුඋනේ,මම අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා චන්දිකට කෝල් එකක් දුන්නා, එතකොට ඔහු හිටියේ ගෙදර. , මං ඇහුවා මොකෝ. දැන් මගේ වැඩ ඉවරයි ,මං කරන්න ඕන හැමදේම කරා අයියේ කියලා. .මට දැනුනා චන්දිකගේ කටහඬ හැඬුම්බරයි කියලා.

සුපිරි නලු ධනුෂ් ගැන කැත කතා පැතිරූ ගායිකාවට වැඩ වරදී

සුපිරි නලු ධනුෂ් ගැන කැත කතා පැතිරූ ගායිකාවට වැඩ වරදී

 

මලනි අක්කා,ගොඩක් අයව බලා ගත්තා. චන්දික මාලිනි අක්කව ඉතාමත්ම ආදරෙන් බලා ගත්තා. මේකට එකම එක සාක්ෂියක්. කියලා මං මේ කෙටි සටහන ඉවර කරලා දානවා නැති වෙන්න පැය ගානකට කලින් මාලනී අක්කා අන්තිමටම කතා කරපු වෙලාවේ කියනවා. චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න එයාට මාව ටිකක් තුරුලු කරගන්න කියලා. එච්චරයි.."   

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...