මේ වාහන ගෙන්වීමට කරපු ටෙන්ඩරේ ලොකු වංචාවක් - අවලංගු වෙන ලකුණු
ඩබල් කැබ් 1775ක් ගෙන්වීම වෙනුවෙන් රජය මඟින් සිදු කර ඇති ටෙන්ඩර් ක්‍රියාවලියේ ප්‍රසම්පාදනය නීති විරෝධී බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු චෝදනා කරන්නේ ටෙන්ඩර් ක්‍රියාවලිය අනුව දින හතළිස් දෙකක කාලයක් ටෙන්ඩර්කරුවන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව දිය යුතු වුවද මෙම ටෙන්ඩරය පමණක් දින දොළහක් වැනි ඉතා කෙටි කාලයකදී වසා දමා ඇති බවටයි.
එසේම එක් සැපයුම්කරුවකු හෝ සීමිත සැපයුම්කරුවන් ප්‍රමාණයක් ඉලක්ක කරමින් ටෙන්ඩර් කොන්දේසි පවා සකසා ඇති බවටද ඔහු චෝදනා කර ඇත.
එබැවින් ඔහු යෝජනා කරන්නේ මෙම වාහන ටෙන්ඩරය වහා අවලංගු කළ යුතු බවටයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින්.