සුපිරි වෙළඳසැලක දරුණු ගින්නක්
By Mithu
කොහුවල ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට පිටත් කර යැවීමට පියවර ගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් සහ ප්රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.