කළුතර ගබඩාවක විශාල ගින්නක් - ගින්න නිවන්න නගර සභාවේ ගිනි නිවන ඒකකයත් එයි

Report

කළුතර ප්‍රදේශයේ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක හදිසි ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි.

එම ගින්න හේතුවෙන් රබර් නිෂ්පාදන ඇතුළු දේපළ රැසකට බරපතළ හානි සිදුව ඇති බව සඳහන්. එසේම ගින්න නිසා ගබඩාව තුළ තිබූ රබර් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

තවද ගබඩාව අසල ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ගින්නට හසුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

මේ අතර කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මඟින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් සඳහන් කළේ විශේෂ කාර්ය බලකා සෙබළුන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි සහයක් ලබා දී ඇති බවයි.

එසේම ගින්න යාබද නිවසකට පැතිර යාමේ අවදානමක් පැවති හෙයින්, ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී එම නිවසේ තිබූ භාණ්ඩ සහ උපකරණ ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - හෙට 2න් පස්සේ විශේෂයි

සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - හෙට 2න් පස්සේ විශේෂයි

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්