සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්
2026 වසරේදී සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හඳුනුම්පත සහ සියලු රාජ්‍ය සේවාවන් එක තැනකින් ලබාගත හැකි සුපර් ඇප් නැමැති ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කරයි.
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ, අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමේ ඊ කෝට් ව්‍යාපෘතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර අවසන් වී තිබෙන බවයි.
එමෙන්ම කෘෂි ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් ෆාමර්.නෙට්.ඩොට්.එල්.කේ වැනි මාර්ග ගත පද්ධතීන් ඔස්සේ ගොවි ජනතාව නවීන තාක්ෂණයට යොමු කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.