"මම එතුමාව හමුවුණා" - රනිල්ව හමුවූ සජිත් රටට කියූ කතාව
මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ තිබේ.
අද උදෑසන 9.30 පමණ ඔහු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නලින් බණ්ඩාර මහතා සමග මැගසින් බන්ධනාගාරයට පැමිණ තිබේ.ඒ අනුව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පහත ආකාරයේ අදහසක් පල කරේය.
""රටේ උත්තර නීතිය ක්‍රියාත්මක වීම, විනිවිඳභාවයෙන් යුක්තව නිර් දේශපාලනිකරණයකට ලක්කර, එය සිදුවිය ආකාරයටම සිදුවිය යුතුයි. එහෙම නැතුව තුන්වෙනි පාර්ශවයන්ට එළියට ඇවිල්ලා මෙහෙම තමා සිද්ධ වෙන්නේ කියලා කියන එක ඇත්තටම නීතිවිරෝධීයි. ඒ ගැන වහාම පියවර ගැනීම වැදගත්. මම එතුමාව හමුවුණා. එතුමා හොඳින් සිටිනවා. ඒ වගේම එතුමාග් සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඖෂධ ලබාදීම සිදුවෙනවා කියලා." යනුවෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිත වේ.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ
සිදුකළ සොයා බැලීමකදී අණාවරණය වූයේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවය.
මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.