රජයෙන් වන්දි ලබා දෙන පිරිසක් ගැන දැනුම්දීමක් - ලැබෙන පිරිස මෙන්න.
ගොවීන් සඳහා ලබන මාසයේ සිට වන්දි ලබා දීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ය.
ඒ යල කන්නයේ නියඟයෙන් පීඩාවට පත් වූ ගොවීන්ටයි.
අයහපත් කාලගුණ තත්ත්වය මත යල කන්නයේ අක්කර 58,770 ක වී සහ වෙනත් භෝග වගා හානි සිදු වී තිබෙනවා.
ඒ හේතුවෙන් පසුගියදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ එම බලපෑමට ලක් වූ ගොවීන් 53,965 කට වන්දී ගෙවීමටයි.
ඒ සදහා රුපියල් මිලියන 12,000 ක පමණ මුදලක් වැය වන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඒ ඊයේ (13) වවුනියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ය.