පණ බේර ගන්න කරන්න ඕනේ මොනවද කියලා ජගත්ට කියලා දෙන මහින්ද

Report

පසුගිය දවස්වල රටේ සිදු වුණ සිදුවීම් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ගැන බොහෝ දෙනා අවධානෙන් ඉන්නවනේ.

ඒ අතරෙ ඔහුට එල්ල වී ඇති බව කියන මරණ තර්ජනත් ඊට ප්‍රධාන හේතුවක්.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට උපදෙසක් ලබාදී ඇති බවක් වාර්තා වෙනවා.

පොලිස්පතිවරයා ජගත් ගැන කියූ කතාව අපි දන්නේ නැහැ - විජිත

පොලිස්පතිවරයා ජගත් ගැන කියූ කතාව අපි දන්නේ නැහැ - විජිත

ඉකුත්දා බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ජගත් විතාන මහතා සහභාගි වූ අවස්ථාවේදී කියලා තමයි ආරංචි වෙන්නේ.

සුහදව ඇරඹුණු කතාබහ පටන් අරන් තියෙන්නේ "කොහොමද සර් සැප සනීප" යනුවෙන් ජගත් විතානගේ ප්‍රශ්නෙට "හොඳින් ඉන්නවා" යනුවෙන් මහින්ද රාජපක්ෂ දුන් පිළිතුරු එක්ක.

ඒ එක්කම "මොකක්ද ඔයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නය" යනුවෙන් මහින්ද රාජපක්ෂ විමසා තිබෙන අතර "අද ඉඳන් මට සර්, ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දී තිබෙනවා." යනුවෙන් ජගත් විතාන පිළිතුරු දුන් බවත් සඳහන්.

ඒ අනුව එහිදී, "ඔයා ආරක්ෂාව ගැන හොඳ අවදියෙන් ඉන්න. ඔයා පුළුවන් තරම් ආරක්ෂාවට අදාළ දේවල් සහ ඔයාට වෙච්ච අසාධාරණය ගැන පාර්ලිමේන්තුවේදී කියන්න ඒ තොරතුරු, ඒ ලේඛන සියලු දෙයක්ම හැන්සාඩ් ගත කරන්න. ඒව තමයි ඉතා වටිනා ඩොකියුමන්ට්ස් බවට පත්වන්නේ" යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජගත් විතාන මහතාට යම්කිසි උපදෙසක් ලබා දී ඇති බව වාර්තා වුණා.  

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු