ඇමති රජිතගේ සොහොයුරු මහීල් සේනාරාත්න අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු (2010 - 2012) වන හිටපු අමාත්‍ය රාජිත සේනාරාත්න මහතාගේ සොහොයුරු මහීල් සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මාළු අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ ඒවා නඩත්තු කිරීමේදී රජයේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන පවත්වයි.